හජ් වන්දනාවේ ගිය ශ්‍රී ලාංකික බැතිමතෙකු හදිසියේ මියයයි

By Parami Dissanayake Jun 19, 2024 02:36 PM GMT
Report

අද (19) දිනයේ දී හජ් වන්දනාවේ ගිය ශ්‍රී ලාංකික බැතිමතෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, අක්කරයිපත්තුව මුස්ලිම් මධ්‍ය විදුහල පාරේ පදිංචිව සිටි අල්හාජ් ආදම් ලෙබ්බේ අබ්දුල් ගෆූර් නැමති 68 හැවිරිදි බැතිමතෙකු බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

රුපියල් 100කට යෝජනා වූ තැපැල් මුද්දරයක අවම මිල...

රුපියල් 100කට යෝජනා වූ තැපැල් මුද්දරයක අවම මිල...

හෘදයාබාදයක් හේතුවෙන් ඔහු සවුදි අරාබියේ මක්කම නගරයේ පිහිටි අබ්දුල් අසීස් කිං රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ඔහු මරණයට පත් ව තිබෙනවා.

දේහය පිළිබද අවසන් කටයුතු (ජනාසාව) ශුද්ධ වූ මක්කා නගරයේදී ම සිදුකර තිබිණි.