බෙලරුසියාවේදී ලංකික වෛද්‍ය සිසුවෙක් අභිරහස් ලෙස මියයයි.

Sri Lanka
By Wayomi May 02, 2023 05:29 AM GMT
Wayomi

Wayomi

Report

බෙලරුසියාවේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන ලාංකික වෛද්‍ය සිසුවෙකු අබිරහස් ලෙස මියගොස් තිබෙනවා.

ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමරයක් තුළ තිබියදී ඔහුගේ සිරුර පසුගිය සෙනසුරාදා (29) සිරුර සොයා ගැනුණා.

බෙලරුසියාවේ වෛද්‍ය පීඨයක 4 වැනි වසරේ ඉගෙනුම ලබන 24 හැවිරිදි වෛද්‍ය සිසුවා එම වසරේ දක්ෂතම වෛද්‍ය සිසුවා ලෙස තේරී පත්ව සිටි බවද එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසනවා.

සිසුවාගේ මව සිය පුතාට පසුගිය සෙනසුරාදා දුරකථන ඇමතුමක් ගත් අවස්ථාවේ එම ඇමතුමට ඔහු ප්‍රතිචාර දක්වා නැහැ.

දිගින් දිගටම ඇමතුම් දුන්නත් ඊට ප්‍රතිචාර නොදැක්වූ නිසා එම ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවාගේ මව පුතාගේ හිතවත් වෛද්‍ය සිසුන් කිහිප දෙනකුට කතාකර පුතා ගැන සොයා බලන ලෙස ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

මිතුරු වෛද්‍ය සිසුන් ඔහු නිදාගෙන සිටි කාමරයට ගොස් විපරම් කළ බලා ඇති අතර වෛද්‍ය සිසුවා ගේ ගෙලේ වෙළුම් පටියක් දක්නට තිබී ඇති අතර එම වෙළුම් පටියේ අනෙක් කොන එම කාමරයේ තිබූ උස කබඩ් එකක ගැට ගසා තිබෙන අයුරු එහි ගිය වෛද්‍ය සිසුන් දැක ඇත.

පසුව මේ ගැන එම වෛද්‍ය සිසුන් සිසුවාගේ මවට දුරකතනයෙන් කතා කර දැනුම්දී තිබෙනවා.

මෙම වෛද්‍ය සිසුවාගේ මරණය සියදිවි නසා ගැනීමක් ද එසේ නැත්නම් වෙන යම් හේතුවක් මත සිදුවී ඇත්ද යන්න ගැන තවම කරුණු අනාවරණය වී නොමැති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ.

සිද්ධිය සම්බන්ධව කරුණු අනාවරණය කර ගැනීමට එරට පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW