ආහාර නිෂ්පාදකයන් හැමෝටම විශේෂ එන්නතක්!
By Shehan
ආහාර නිෂ්පාදනය හා ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයන් සඳහා උණ සන්නිපාතයට එරෙහි විශේෂ එන්නතක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, මෙම එන්නත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලබා දෙන බවයි.
ඉදිරියේදී ආහාර නිෂ්පාදනය හා ආශ්‍රිත සේවාවන්හි නියැළීමට සැලසුම් කරන සේවකයන් උණ සන්නිපාත එන්නත ලබාගෙන ඇති බව වෛද්‍ය වාර්තාවකින් තහවුරු වීම අනිවාර්ය වන බවද ඔහු සඳහන් කළේය.