ඇසළ පෙරහැර කාල සීමාවේ විශේෂ රථවාහන සැලැස්මක්. (PHOTOS)

Police spokesman Sri Lanka Police Kandy
By krishani Aug 21, 2023 04:57 PM GMT
krishani

krishani

Report

පොලිසිය විසින් මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.

ඒ මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර නිමිත්තෙන් ය.

මෙවර ඇසළ පෙරහර මංගල්‍යය 2023.08.21 දින සිට 2023.08.31 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

එහිදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් මෙන්ම රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසියෙන් සැලසුම් කර ඇත.

ඒ සඳහා පොලිස් නිලධාරීන් 5500කට අධික ප්‍රමාණයක් රාජකාරීන් සඳහා අනුයුක්ත කර තිබෙනවා.

එමෙන්ම පෙරහර පවත්වන කාල සීමාව තුළ මහනුවර දිස්ත්‍රික්කයට ඇතුළුවන පිවිසුම් මාර්ග 11ක් මගින් මාර්ග බාධක යොදා ආරක්ෂක රාජකාරී යෙදවීම, පෙරහැර මාර්ගයට ඇතුළුවන සියළුම පිරිස් පරීක්ෂාවට ලක් කිරීම, පොලිස් සංචාරක කොට්ඨාසයේ නිලධාරීන් යොදවා සංචාරකයින්ට මග පෙන්වීම ආදී විශේෂ වැඩපිලිවෙලක් දියත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.


එම නිවේදනය පහතින්,

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha