ලංකාව ගැන ඉන්දියාවට ඇගිල්ල දිගු කරමින් මුරලිගෙන් විශේෂ ප්‍රකාශයක්..

Report

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේදී තිබූ ජනවාර්ගික අර්බුදය නියමාකාරයෙන් තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වීම හේතුවෙන් ජාතියට ද්‍රෝහි වූ බවට තමාට චෝදනා එල්ල කළ බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඊයේ (26) ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලට සමගාමීව පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.

ලංකාව ගැන ඉන්දියාවට ඇගිල්ල දිගු කරමින් මුරලිගෙන් විශේෂ ප්‍රකාශයක්.. | A Special Statement From Muttiah Muralitharan

එම අවස්ථාවේ මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව ඇතිව තිබූ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වූ බව ප්‍රකාශ කිරීමට තමන් බිය නොවන බවයි.

එයට හේතුව තමිල්නාඩුවේ මෙන් නොව ශ්‍රී ලංකාවේ තිබෙන්නේ වෙනමම තත්වයක් බවත් ශ්‍රී ලංකා දෙමළ ප්‍රජාව තුළ අනු කණ්ඩායම් කීපයක් තිබෙන බවත් එහිදී අදහස් දක්වමින් මුරලිදරන් ප්‍රකාශ කර තිබේ.

සියලු කණ්ඩායම් එකිනෙකට සම්බන්ධ වුවත් දේශපාලනික වශයෙන් බෙදී ඇති බවයි ඔහු පවසා සිටියේ.

ලංකාව ගැන ඉන්දියාවට ඇගිල්ල දිගු කරමින් මුරලිගෙන් විශේෂ ප්‍රකාශයක්.. | A Special Statement From Muttiah Muralitharan

එහිදී මුරලිදරන් ප්‍රකාශ කළේ, එම කණ්ඩායම් වල සිටි ඇතැම් පුද්ගලයන්ට ශ්‍රී ලංකාවෙන් කොටසක් කඩා වෙනම රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය වුවත් බොහෝ පිරිසකට එලෙස අවශ්‍ය නොවූ බවයි.