අවුරුද්දේ රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු එළැඹීම නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව එළැඹෙන 13 සහ 14 යන දෙදින තුළ ඒ සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව අප්‍රේල් 13 වැනි දින සහ 14 වැනි දින දෙදින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක් රසකැවිල් පාර්සලයක් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදී ලබා දීමට අවස්ථාව එම දෙපාර්තමේන්තුව ඉඩ දී තිබේ.