නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්
ඊයේ (08) දිනයේ පාර්ලිමේන්තුවේදී කැබිනට් අමාත්‍යවරයෙකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් සිදුකරන ලද චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, කුමන කරුණක් සිදුවුවද අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා කැපවන ලෙස ඊට අයත් සියලු පාර්ශ්වකරුවන්ගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.
එල්ලකර ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා අපක්ෂපාතී , ස්වාධීන පුද්ගලයින් පත්කර අදාළ චෝදනාවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකළ යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
එමෙන්ම එම සංගමය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ එම චෝදනා සත්‍ය වුවහොත් ඉන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ඇති විශ්වාසය පළුදු වන බවයි.
කෙසේ වෙතත් මෙම චෝදනා අසත්‍ය බවට ඔප්පු වුවහොත් එය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට යටතේ අපරාධ චෝදනා වලට ලක්විය යුතු බවද සඳහන්.
එම නිවේදනය පහතින්,


