මුහුණු පොතෙන් මිතුරු වූ සෙබලා සිදු කළ කැත වැඩේ..

By Sithumi Dec 23, 2021 01:02 PM GMT
Sithumi

Sithumi

Report

මුහුණු පොතෙන් දැන හඳුනාගත් මිතුරකු ඉතා සූක්ෂම ලෙස බම්බලපිටියට ගෙන්වා මෝටර් රථයෙන් රැගෙනවිත් බස්සවා රුපියල් ලක්ෂ 28ක් පමණ වටිනා එම මෝටර් රථය සොරාගෙන ගොස් කුලී ගමන් යමින් සිටී ගුවන් හමුදාවේ හිටපු සෙබළුකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

එම සැකකරු සමඟ මෝටර් රථ ප්‍රදර්ශනය කරපු ව්‍යාජ අංක තහඩු ,ඊට අයත් ව්‍යාජ ලිපි ලේඛන ,ඒවා සෑදීමට උපයෝගී කරගත් රබර් මුද්‍රා ,පරිගණක ස්කෑන් යන්ත්‍ර ද පොලිසිය භාරයට ගෙන ඇත සති තුනකට පමණ ඉහතදී පැමිණිලිකරු හා සැකකරු මුහුණුපොතෙන් දැන හඳුනාගෙන මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන තිබූ බව පොලිසිය කියයි

පැමිණිලිකරුගේ පුතුට ඩුබායි රටේ රැකියාවකට යාමට සලසා දීමට හැකි බව පවසා සැකකරු පවසට ඊට පැමිණිලිකරු එකඟ කරවා ගැනීමෙන් අනතුරුව පේරාදෙණිය සිට දෙදෙනාම පැමිණිලිකරුට අයත් මෝටර් රථයෙන් කොළඹ බලා පැමිණ ඇතැයි පොලිසිය කියයි

එම අවස්ථාවේදී මෝටර් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කර ඇත්තේ සැකකරු බවත් ඔහුන් බම්බලපිටියට පැමිණීමෙන් පසු පෞද්ගලික දුරකථන සන්නිවේදන මධ්‍යස්ථානයක් අසල මෝටර් රථය නතර කර විනාඩි කිහිපයකින් පැමිණෙන බවට පවසා මෝටර් රථයක් රැගෙන සැකකරු පලාගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Jpin Now