ඇරයුම ප්‍රතික්ෂේප කළ නිසා සෙබළෙකු Messenger හරහා පාසල් දැරියට කළ අපරාධය..

SCHOOL GIRL SOLDIER MESSENGER ALUBOMULLA PANADURA
By Sewvandhi Oct 27, 2021 09:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

16 හැවිරිදි දැරියකගේ ඡායාරූපයක් යොදාගෙන ඇය යවන ආකාරයෙන් අපහාසාත්මක දෑ අඩංගු කර Facebook Messenger හරහා විවිධ පුද්ගලයන් වෙත යොමු කළ හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ 16 හැවිරිදි දැරියගේ මිතුරියන් හා මිතුරන් එම දැරියට ඒ බව දැනුම් දීමෙන් අනතුරුව පියා සමග පොලිසියට පැමිණි තරුණිය ඒ බව පැමිණිලි කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසී ය.

පොලිසිය සඳහන් කළේ, මීට වසර කිහිපයකට පෙර මෙම දැරිය හා මිතුරු වීමට උත්සහ කර තිබූ සැකකාර පුද්ගලයා එය අසාර්ථක වීම හේතුවෙන් ඊට උරණ වී දැරියට අපහාස කිරීමේ චේතනාවෙන් මෙම ක්‍රියාව සිදු කර ඇති බව ය.

දැරියගෙන් ලද පැමිණිල්ල අනුව වහා ම ක්‍රියාත්මක වී ඇති අළුබෝමුල්ල පොලිසියේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකතනය පරික්ෂා කිරීමේදී දැරියගේ නමින් විවෘත කර ඇති ව්‍යාජ ෆේස්බුක් ගිණුම දැක ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසී ය.

සැකකරු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අළුබෝමුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.