මෙරටට හෙරොයින් රැගෙන ආ යාත්‍රාවකට ගැඹුරු මුහුදේ දී සිදු වූ දේ..?
මෙරටට හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එමින් තිබු විදේශීය බහුදින යාත්‍රාවක් හා විදේශීය ජාතික සැකකරුවන් 9දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියේ, ඊයේ (10) රාත්‍රීයේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය. මඩකලපුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හා නාවික හමුදාව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමක දී එම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට පත් වු හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, බහුදින යාත්‍රාව හා විදේශීය සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකාවේ වෙරළ තීරය වෙත නාවික හමුදාව විසින් රැගෙන එමින් පවතින බව ද ඒ මහතා පැවසීය.
විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනතාව සතුව යම් තොරතුරක් වෙතොත් 1997 යන ක්ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
-------------------------------------------------------------------------
යුධ හමුදාපති හදිසියේම සිදු කළ ප්‍රකාෂය-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
