ආරක්ෂක අංශ විසින් කොළඹ හදිසි මෙහෙයුමක්..35ක් අත්අඩංගුවට..

Police spokesman Sri Lanka Army Sri Lanka Police STF Colombo
By Aruna Jun 12, 2023 01:52 AM GMT
Aruna

Aruna

Report

ආරක්ෂක අංශ විසින්, බොරැල්ල පොලිස් බල ප්‍රදේශය තුළ සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකින් නොගෙවූ වරෙන්තු සහිත පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් විසින් සිදු කර ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවන් දෙදෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 15ක් සමග සැකකරුවන් සිව්දෙනෙක්, ගංජා ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 35ක් සමග සැකකරුවන් පස්දෙනෙකු සහ ගංජා මිශ්‍ර මදනමෝදක 91ක් සමග සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව කඩු 02ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු, විවෘත වරෙන්තුකරුවන් දෙදෙනෙකු හා සැකපිට ප්‍රශ්නකිරීම සඳහා සැකකරුවන් 19දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරනු ලබන රුපියල් 26,75,440න් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු භාරයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරනු ලබන රුපියල් 2,15,000ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද (12) අලුත්කඩේ හා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.