පාසල් සිසුවෙක් එකවරම අතුරුදන් වෙයි - CCTV වල වයසක පුද්ගලයෙක්? දෙමාපියන් හඬා වැටෙමින් සහය පතයි.. මොහු දුටුවොත් පොලිසියට කියන්න.. (VIDEO)

Sri Lanka Police Anuradhapura Kurunegala Sri Lanka Sri Lanka Police Investigation
By krishani Nov 18, 2023 01:42 PM GMT
krishani

krishani

Report

පෙරේදා (16) දින කුරුණෑගල ප්‍රදේශයේ ජාතික පාසලක ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් එම පාසලට ගොස් ඇති අතර  එතැන් සිට අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා විය.

මෙම සිසුවා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 15 වියේ පසු විය.

ඔහු ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වී ඇත.

අදාළ සිසුවා තවත් පුද්ගලයෙකු සමඟ ඊයේ (16) කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් ගෙන ඇති බවට වාර්තා විය.

ඒ එම මාර්ගයේ CCTV කැමරා දර්ශණවල සටහන් මතයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර, දිවුල්වැව හා කුරුණෑගල කටුපොත යන පොලිස් ස්ථාන මඟින් විමර්ශන සිදුකරයි.

වීඩියෝ දර්ශන - Hiru News



ReeCha