ගැබිණි බිරිඳ කළ පැමිණිල්ලකින් සැමියා සිදු කළ අපරාධයක් හෙළි වූ හැටි.
ගැබිණි කාන්තාවක් කළ පැමිණිල්ලක් මත බාලවයස්කාර පාසල් දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ සැමියා මහවිලච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන් තිබෙනවා.
ඇය මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ, තම සැමියා විසින් තමා සහ බාල දරුවා මෑතක සිට මඟහරිමින් රාත්‍රී 12 පසුවී නිවසට පැමිණෙන බවට ගැබිනි බිරියක් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීමේදීයි.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි තරුණයෙක් වන අතර මාස හයක ගැබිනියක් වන සැකකරුගේ බිරිඳ විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
එම සැකකාර සැමියා පොලිසියට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අදාළ දැරිය ගැන කරුණු අනාවරණය වී එම දැරිය මව සමඟ පොලිසියට කැඳවා සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී තම පෙම්වතා වන සැකකරු අතින් තමා අතවරයට ලක්වූ බව ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරනවා.
