දුන්න අමුතු යෝගට් පානයක් පානය කර ගුරුවරියක් සිහි මුර්ජා වෙයි - බසයෙන් ෆිට් උන කතාවෙන් ගුරුවරියකට අන්තිමට සිදු වුණ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Oct 07, 2023 04:37 AM GMT
krishani

krishani

Report

බසයක මාතලේ සිට මහනුවරට පැමිණි ගුරුවරියකට හදිසියේම යුවලක් දැන හැදින ගැනීමට හැකි වී ඇත.

එහිදී අදාළ ගුරුවරයට ඔවුන් යෝගට් පානයක් ලබා දී තිබෙනවා.එය පානය කළ පසුව ගුරුවරිය සිහිමුර්ජා වී ඇත.

එයින් ඇයගේ රුපියල් ලක්‍ෂ අටක් පමණ වටිනා රන් ආභරණ සියල්ලම රැගෙන ඔවුන් පලා ගොස් තිබෙනවා.

එයින් පසුව මහනුවර පොලිසියට පෙරේදා (05) එම ගුරුවරිය පැමිණිල්ලක් සිදුකර ඇත.

අදාළ ගුරුවරිය ත්‍රිකුණාමලේ සිටින ඇගේ පුතාගේ සුවදුක් බලා ඇය බස්රියෙන් පැමිණ තිබෙනවා.

එහිදී හදිසියේම දැන හැදිනගත් පුද්ගලයකු සමග කතාබහ කරමින් දැඩි හිතවත්කමක් ගොඩනගාගෙන ඇත.

මෙම පුද්ගලයා ඔහුගේ මව වශයෙන් හඳුන්වාගත් කාන්තාවක සමග දුරකථනයෙන් කතාබහ කිරීමට ද ගුරුවරියට අවස්ථාව ලබා දී ඇත.

පසුව එම පුද්ගලයාට මෙම ගුරුවරිය මාතලේ රත්තොට පිහිටි ඇගේ නිවසට පැමිණීමට ඇරයුම් කර තිබෙනවා.

එහිදී ගුරුවරිය දැකබලා ගැනීමට සැකකරුගේ මව යැයි හඳුන්වාගත් කාන්තාව ද ගුරුවරියට නුවරට පැමිණෙන ලෙස පවසා ඇත.

ඉන් පසුව පසුදා මෙම ගුරුවරිය මහනුවරට පැමිණ වැව අද්දර වාඩි වී තිබෙනවා.

පසුව එම ස්ථානයට පැමිනි ආගන්තුක යුවළ එහි පැමිණ ආගිය තොරතුරු කතාබස් කර ඇති අතර ඇයට යෝගට් පානයක් ලබා දී ඇත.

එය පානය කිරිමෙන් ඇය සිහිමුර්ජා වී තිබෙනවා.

ඇය පොලිසියට පවසා ඇත්තේ ඉන්පසුව කුරුණෑගල මල්ලවපිටියේ නිවසක තමා සිටි බවයි.

එහිදී අදාළ ගුරුවරිය එම නිවසේ ජනේලයෙන් පැන පොලිසියට පැමිණි බව පවසා තිබෙනවා.

ReeCha