එන්නත් ගන්න ආ ජනතාවට පොලීසියෙන් ගුටි බැට.. එන්නත ලැබිලත් නෑ..(VIDEO)
මාතර, වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේ ඊයේ (01) පැවැති කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ තිබුණි. ඒ අනුව ලැබී තිබූ එන්නත් මාත්‍රා ප්‍රමාණය අවසන්වීම හේතුවෙන් එන්නත්කරණ කටයුතුවලට බාධා එල්ල විය.
එන්නත් අවසන් වූ බව දැනුම් දී තිබුණත් ජනතාව දිගින් දිගටම එහි රැඳීසිටීම නිසා පසුව පොලීසිය කැඳවීමට සිදුවිය. ඒ අනුව එම ස්ථානයට පැමිණි වැලිගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ගම්වාසීන් ඉවත්කිරීමට කටයුතු කර තිබුණි.
එහිදී ඇතැම් පිරිස් පොලිසියේ බැටන් ප්‍රහාරයන්ට ලක්වන අයුරුද දැකගත හැකිවිය. එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීමෙන් අද (02) හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 - 30 අතර කාණ්ඩයේ අය සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට නියමිතව තිබුණි.
නමුත් නොවළැක්විය හැකි හේතුවක් නිසා මෙම එන්නත්කරණ වැඩසටහන අවලංගු කිරීමට සංවිධායකයින් පියවර ගෙන ඇත. ඒ හේතුවෙන් එන්නත ලබාගැනීමට පැමිණි ජනතාව අපහසුතාවට පත්වුණි.
වැලිගම ප්‍රදේශයේ දී ඊයේ පැවති එන්නත්කරණ වැඩසටහනක් අතර වාරයේදී රැස්ව සිටි පිරිස් පාලනය කිරීමට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ස්ථානයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුට අවම බලය යොදවන අයුරු දැක්වෙන වීඩියෝවක් වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම සිය ට්විටර් සමාජ ජාලයේ පලකර තිබෙනවා.
මේ අවස්ථාව දැක්වෙන වීඩියෝවයි…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |