දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් මේ දිනවල..අමතක නොකර බලන්න...

By Piyumika Jan 27, 2025 04:49 AM GMT
Report

 ග්‍රහලෝක 6ක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහලෝක එලෙස නිරීක්ෂණය වන බවයි.

දුර දිග ගිය කට වචනය..උදලු පහරින් කෙළවර කල හැටි...

දුර දිග ගිය කට වචනය..උදලු පහරින් කෙළවර කල හැටි...

එමෙන්ම එහිදී සිකුරු, සෙනසුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසට දැකීමට තරම් දීප්තිමත්ව නිරීක්ෂණය වන බවයි වාර්තා වේ. මෙම ග්‍රහලෝක පෙළ ලබන 29වනදා දක්වා හිරු බැසයාමෙන් පසු විනාඩි 90ක් තුළ හිඳින් දැකගත හැකි බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.  

You may like this video