දුම්රිය වැඩ වර්ජනයක් අවසන් වන විට තවත් වැඩ වර්ජනයක් - දුම්රිය ධාවනයට කුමක් සිදු වෙයි ද?..

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By krishani Sep 11, 2023 09:53 AM GMT
krishani

krishani

Report

කොළඹ දුම්රිය පර්යන්තයේ දුම්රිය එන්ජින් ෂන්ටින් රියදුරන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (11) අවසන් කර ඇත.

එම වෘත්තීය සමිතිය සඳහන් කළේ බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය අවසන් කළ බවයි.

මෙම වර්ජනය හේතුවෙන් එම දුම්රිය අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ධාවනයට බාධා එල්ල වූ බව වාර්තා විය.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (12) වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමය සඳහන් කළේ දුම්රිය පාලනාධිකාරිය වෙත දැනුම් දෙමින් මෙම වර්ජන ක්‍රියා මාර්ගය හෙට සිදුකරන බවයි.

ඒ වසර 5 කට ආසන්න කාලයක් ප්‍රමාද කර ඇති ශ්‍රේණි උසස්වීම් කඩිනම් කරන ලෙස දීර්ඝ කාලයක සිට ඉල්ලා සිටියද ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ය.

ඒ හේතුවෙන් මෙම වර්ජනය ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

ReeCha