ගොවීන්ටත් QR ඛේතයක් හඳුන්වා දෙයි.

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Wayomi Apr 05, 2023 05:34 AM GMT
Wayomi

Wayomi

Report

2023 මහ කන්නයේදී රජය පොහොර බෙදා හැරීමේ වැඩ පිළිවෙළින් ඉවත්ව එම කටයුතු පෞද්ගලික අංශයට බාර දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එමෙන්ම ගොවීන්ට රසායනික පොහොර, කාබනික පොහොර, බීජ වර්ග හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා මූල්‍ය සහනාධාරයක් දෙන බවත් ඔහු සඳහන් කරනවා.

ඒ සඳහා සෑම ගොවියකුටම QR ඛේතයක් ලබා දෙන අතර ගොවි ජනතාවට තමන්ට අවශ්‍ය කෘෂි යෙදවුම් එමගින් ලබා ගැනීමට හැකිවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර අමාත්‍යාංශය තව දුරටත් පෙන්වා දෙන්නේ, 2022/23 යල කන්නයේ දී යුරියා පොහොර හා බන්ඩි ‍ පොහොර බෙදා හැරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 6.5ක් වැය කර ඇති අතර මෙවර යල කන්නයේ දී මඩපොහොර බෙදාහැරීම සඳහා ද රුපියල් බිලියන 02ක් වැය කිරීමට සිදුවූ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW