ප්‍රධාන නගරයක ඇති සියලු වයින් ස්ටෝස් ඉවත් කරන්නැයි දැඩි ජනතා විරෝධයක්..
මිහින්තලේ නගරයේ ස්ථාපිත කර ඇති රටබීම හල් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලි සිටිනවා. එම රටබීමහලට එරෙහිව ඊයේ (10) විශාල පිරිසක් විරෝධතාවක ද නිරත වූ බවයි වාර්තා වන්නේ.
"සංචාරක ප්‍රවර්ධනය සඳහා මිහින්තලයට අවශ්‍ය තරම් පහසුකම් තියෙනවා.
සිද්ධස්ථාන තියෙනවා, සෙල්ලිපි තියෙනවා, පුරාවිද්‍යා ස්ථාන සංචාරක ප්‍රවර්ධනයට යොදා ගන්න පුළුවන්. ඒ තියෙද්දි මේ බියර් සාප්පුවක් දාලා සංචාරක ප්‍රවර්ධනය කියලා අනුවන ක්‍රියාවක්..."
"අපිට මීට වඩා ප්‍රශ්න තියෙනවා. තෙල් පොහොර ප්‍රශ්න තියෙනවා. ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සු. වී වලට මිලක් නෑ. ඉන්නේ තෙල් පොහොර දෙන මිනිස්සු. ඒ ඔක්කෝම තියෙද්දි මේ මිනිස්සු ජාරාව ගෙනත් දාගෙන. මහ එවුන් පර්මිට් දීලා. ලයිසන් දීලා..."
"ලංකාවේ එකම නගරය තමා මස් කඩයක්, තැබෑරුමක් තිබුණේ නැති. මේවා අයින් කරලා දාලා අපේ දරුවෝ හදාගන්න ඉඩදෙන්න කියලා ඉල්ලා සිටිනවා අපේ මිහින්තලයේ හිමිගේ ප්‍රධානත්වයෙන් ..."