බන්ධනාගාර රැඳවියා ගිල්ල මාලය,නිලධාරීන් එළියට අරන්..
prison
prisoner
agunukola palassa
Walikada
By Sewvandhi
වැලිකඩ බන්ධනාගාරයේ සිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය රැඳවියෙක් ගිල දැමූ බව කියන ග්‍රෑම් 56ක් බරැති රිදී මාලයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (13) සොයාගනු ලැබීය.
මෙම සැකකරු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් පරීක්ෂා කිරීමේදී මෙම රිදී මාලය සොයාගෙන ඇතැයි පොලිසිය කාර්ය බලකාය සඳහන් කරයි.
සැකකරුට මලපහ කිරීමට සලස්වා ඇති අතර එහිදී නිල්පාට කාබන් කොලයක සහ සුදු පැහැති පොලිතීන් ආවරණය ගොතා ඔතා තිබූ මෙම මාලය සොයා ගැනීමට සොයාගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.
මෙම සැකකරු වයස අවුරුදු 51ක මිරිහාන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අයකු බවද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |