ගර්භණී කාන්තාවකට පිහියෙන් ඇන සහෝදරයයි අනියම් බිරිඳයි සිදු කළ දේ.
ගර්භණී කාන්තාවකට පිහියෙන් ඇන රන් ආභරණ කොල්ලකෑ තිදෙනෙක් අතුරුගිරිය පොලිසිය විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙසෙ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පිහි ඇනුමට මුහුණ දුන ගර්භනී කාන්තාවගේ සොයුරා සහ ඔහුගේ අනියම් බිරිඳ ඇතුළු තිදෙනෙක්.
අත්අඩංගුවට ගත් තිදෙනා අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර ඔවුන්ට මත්ද්‍රව්‍ය පානයට මුදල් නොමැති හෙයින් සොයුරාගේ අනියම් බිරිඳ විසින් කොල්ල කෑම සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
දින කිහිපයකට පෙර ගර්භණී කාන්තාව පදිංචි අතුරුගිරිය ඔරුවල නිවසට පැමිණි අනියම් බිරිඳ සහ ඇයගේ ඥාති සොයුරෙකු සමගින් පානය කිරීම සඳහා වතුර ඉල්ලා ඇති අතර වතුර පානය කිරීමෙන් අනතුරුව කාන්තාවගෙන් ආහාර ඉල්ලා තිබෙනවා.
පසුව ඇය ආහාර නොමැති බව පවසා නිවස තුළට යාමට සූදානම් වූ අවස්ථාවේ දී මෙම සැකකාරිය සහ සැකකරු ඇයගේ ගෙලට පිහියක් තබා මරන බවට තර්ජනය කර ඇය සතු රන් භාණ්ඩ සහ නිවසේ අල්මාරියේ තිබ තිබූ රන් භාණ්ඩ කොල්ල කා ඇති බවයි විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ.
එම අවස්ථාවේ දී ඔවුන්ගේ ග්‍රහණයෙන් බේරීමට ගර්භනී කාන්තාව පොර බදා ඇති අතර එම අවස්ථාවේ දී ඇයගේ පාදය සහ කලවා ප්‍රදේශයට පිහි පහරවල් එල්ල කර තිබෙනවා.
ගර්භණී කාන්තාවගේ සොයුරා එම අවස්ථාවේදී නිවසෙන් පිට මාර්ගයේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සි.සි.ටි.වි දර්ශන මඟින් සැකකරුවන් සොයාගත් අතර විවිධ ස්ථානවල උගස් තබා තිබූ රන් භාණ්ඩ ද සොයාගත් බවයි අතුරුගිරිය පොලිසිය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |