බොන වතුරට වස දමා සතුන් දඩයම් කළ අමුතු ජාවාරම.

Sri Lanka Weather
By krishani Aug 16, 2023 04:21 PM GMT
krishani

krishani

Report

කතරගම - සෙල්ලකතරගම ප්‍රදේශයේ සතුන් දිය බීමට පැමිණෙන ස්ථානවලට පිරිසක් විසින් වස දමා සතුන් දඩයම් කළ පුවතක් වාර්තා වේ. 

ඒ ජලාශ හා දිය කඩිති, වැව් මැද හෑරුණු වළවල්වලට ය.

ඉන් පසුව මෙම වස මිශ්‍ර ජලය පානය කළ සතුන් දඩයම් කර එම සතුන්ගේ මස් කතරගම ප්‍රදේශයට පැමිණෙන ජනතාවට සහ විවිධ ප්‍රදේශවලට අලෙවි කර තිබෙනවා.

එම ජාවාරම සම්බන්ධයෙන් වනජීවී නිලධාරින් විසින් අනාවරණය කරගෙන ඇති අතර ඒ සෙල්ලකතරගම ප්‍රදේශයට මායිම්ව ඇති යාල රක්ෂිත ප්‍රදේශයන්හි මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙන්නේ.

මෙම සතුන්ගේ මස් මිනිස් ජිවිතවලට අවදානමක් පවතින බව වනජීවී නිලධාරීන් පෙන්වා දෙනු ලබයි.

මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය මත සතුන්ට බිමට ජලය ඇති ප්‍රදේශ ද කතරගම ප්‍රදේශයේ අඩු  වී තිබෙනවා.

එවැනි තත්ත්වයක් තුළ වතුර සොයා පැමිණෙන සතුන්ව පහසුවෙන් දඩයම් කරගෙන යාමට දඩයම්කරුවන්ට හැකි වී ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකු මෙතෙක්  අත්අඩංගුවට ගෙන නොමැත.

ReeCha