බස් නැවතුමේ මගියෙක් සිහිසුන්ව ඇද වැටෙයි -කොවිඩ් බිය නිසා සිදුවූ දේ (VIDEO)

By Sewvandhi Aug 09, 2021 08:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ සිටි පුද්ගලයෙකු හදිසියේ ඇද වැටීම හේතුවෙන් එහි සිටි පිරිස කලබලයට පත්ව තිබෙනවා. එම අවස්ථාවේ බස් නැවතුම්පොළේ සිටි කිසිවෙක් ඔහුට සහයවීමට කමැත්ත පළකර නැහැ.

කෙසේ වෙතත් පොලිසිය පැමිණ 1990 සුවසැරිය ගිලන්රථ සේවයට මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා. අනතුරුව එම ගිලන්රථ සේවකයින් පැමිණි අදාළ පුද්ගලයා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම පුද්ගලයාට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී නැහැ. කෙසේ වෙතත් ඔහුගෙන් PCR සාම්පලයක් ද ලබාගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now