ද්විත්ව ඝාතනයක සැකකරු ද?. ජීවිතයක් අහිමි කළ වෙඩි හුවමාරුව.. උදෑසනම ඇහුන ආරංචිය මෙන්න.

Report

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ද්විත්ව ඝාතනයක සැකකරු ද?. ජීවිතයක් අහිමි කළ වෙඩි හුවමාරුව.. උදෑසනම ඇහුන ආරංචිය මෙන්න. | A Person Killed In A Shooting Attack At Padukka

ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුරදී ය.

ඒ අනුව පොලිස් මාර්ග බාධකයක් අසල දී අණ නොතකා යතුරුපැදිය ධාවනය කර ඇති අතර ඔහු පොලීසිය දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බවත්, එහිදී පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ආත්මආරක්ෂාව සඳහා වෙඩි තබා ඇති බවත් වාර්තා වෙනවා.

දින 03ක්?. ලංකා බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

දින 03ක්?. ලංකා බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


ඉන් අනතුරුව ඔහු මියගොස් ඇති බව වාර්තා විය.

මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළෙක් බවට හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත්, ඔහු ඊයේ (07) දින හොරණ තල්ගහවිල ප්‍රදේශයේ සිදුවු ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු බවට සැකකෙරෙන බව පොලිසිය සඳහන් කළේ ය.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කර ඇත්තේ, ගුවන් හමුදා රග්බි සංචිතයට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.