රුපියල් 50ක් වෙනුවෙන් කරපු කැත වැඩේ - මෙහෙම දෙයක් කරයි කියලා නම් හිතන්නවත් නැතුව ඇති..

Sri Lanka Police Sri Lanka Police Investigation Hospitals in Sri Lanka
By krishani Mar 21, 2024 10:57 AM GMT
krishani

krishani

Report

රුපියල් පනහකට බහින් බස් වී පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයකුට පිහියෙන් ඇන තුවාල සිදු කළ බව කියන පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

රුපියල් 50ක් වෙනුවෙන් කරපු කැත වැඩේ - මෙහෙම දෙයක් කරයි කියලා නම් හිතන්නවත් නැතුව ඇති.. | A Person Is Injured By A Knife

ඒ සම්බන්ධයෙන් පිහි ඇනුම සිදුකළ පුද්ගලයා දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පලාතොට, ගොඩපරගහහේනේ පදිංචිකරුවෙකු වූ කන්දෙපිල්ලේ යෝගනාදන් නම් අයෙක් ය.

මෙම සිද්ධියෙන් පසු සැකකාර පාර්ශ්වයේ පිරිස රුපියල් දහදාහක් දී සිද්ධිය සමතයකට පත් කර ගැනීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු ඊයේ (20) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ ය.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දකුණු කළුතර පොලිසිය විසින් පවත්වනු ලබයි.

ReeCha