කොළඹ ජාතික රෝහලේ හෙදියක් සංවේදී ඉරණමකට මුහුණ දෙයි - කවුරුවත් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.. (VIDEO/PHOTOS)
කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරතව සිටි 24 හැවිරිදි වියේ පසු වූ හෙදියක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල මකුල්ඇල්ල ප්‍රදේශයේ පදිංචි සදුනිකා සමරවීර නමැති හෙදියක් ය.
ඇය නිවාඩුව සඳහා බණ්ඩාරවෙල පිහිටි ඇයගේ නිවසට ගොස් තිබෙනවා.
ඒ අතරතුර දී ඇය එහිදී විනෝද ගමනක් යාම සඳහා සූදානම්ව සිට ඇත.
එහිදී එක්වරම ඇදවැටීමත් සමග රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත්, මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
වැඩිදුර පරීක්ෂණ සඳහා ඇයගේ සිරුරේ කොටස් යොමුකර ඇති බවට තොරතුරු වාර්තා වේ.
වීඩියෝ දර්ශන - Ada Derana