මේ අය ගැන දන්නවා නම් දැන්මම දැනුම් දෙන්න..

Sri Lanka Police Kalutara Sri Lanka Sri Lanka Police Investigation Murder
By Piyumika Sep 10, 2024 01:49 AM GMT
Piyumika

Piyumika

Report

පසුගිය මැයි මස 20 වනදා කළුතර දකුණ දුම්රිය පොළ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතා තිබේ.

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1222 කට අධික තොගයක් නීතියේ රැහැනට..

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1222 කට අධික තොගයක් නීතියේ රැහැනට..

එම සිද්ධියට අදාළව සැකකරුවන් 7 දෙනෙකු මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සිද්ධියට අදාළ අනෙකුත් සැකකරුවන් සිව්දෙනා ඔවුන් පදිංචි ලිපිනයන් මඟහරිමින් සැඟව ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන පවත්වයි.

හිටපු පොලිස්පති නියමිත පාස්කු වන්දිය අටවතාවකින් ගෙවා නිම කරයි ..

හිටපු පොලිස්පති නියමිත පාස්කු වන්දිය අටවතාවකින් ගෙවා නිම කරයි ..

ඒ අනුව පහත සඳහන් තොරතුරුවලට අදාළ ව සැකකරුවන් සම්බන්ධව තොරතුරු දන්නේ නම් කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක හෝ කළුතර අපරාධ විමර්ශන අංශය අමතා දැනුම්වත් කරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.  

අවශ්‍ය කරන සැකකරුවන්ගේ විස්තර

1. නම :- ගමගේ නවින් ධනංජය

     ජා.හැ.ප අංකය :- 973250899v

    ලිපිනය :- වල්පිට, බෝ බුවල, දොඩංගොඩ.


2. නම :- මොහොමඩ් අලියර් මොහොමඩ් ඉම්රාඛාන්

     ජා.හැ.ප අංකය :- 892510997v

      ලිපිනය :- වික්‍රමසිංහ පෙදෙස, කළුතර දකුණ.


3. නම :- විමුක්ති වර්ණකුලසූරිය

    ලිපිනය :- 132/4බී විහාර කන්ද ග්‍රාම සේවා වසම,


4. නම :- විතානගේ අහාන් පුබුදු කුමාර සිල්වා

     ජා.හැ.ප අංකය :- 972182427 v

     ලිපනය :- මින්නේරි තැන්න පන්සල, කිතුලාවල, කළුතර දකුණ.


දුරකතන අංක 

01.මූලස්ථාන පොලිස් පරික්‍ෂක - කළුතර දකුණ -  071-8591691 

02.අපරාධ විමර්ශන අංශය - කළුතර දකුණ - 071-8594360

ඉහත නිවේදනය සම්බන්ධයෙන් මහජනතාවගේ දැන ගැනීම සඳහා ඉහත ඔබ මාධ්‍ය ආයතනය මඟින් ප්‍රචාරයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (පොලිස් මාධ්‍ය කොට්ඨාසය.)