කොළඹ ප්‍රධාන පාලම් දෙකක් ගැන දැනුම් දීමක්.

Colombo Sri Lanka
By Hashini Oct 09, 2023 08:46 AM GMT
Hashini

Hashini

Report

ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය අවදානම් තත්ත්වයේ පවතින මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා ඉදිකර ඇති ගුවන් පාලම් පිළිබඳ අද (09) දිනයේ තාක්ෂණික ඇගයීමක් සිදුකරන බවයි.

සිය සංවිධානයේ කණ්ඩායමක් අද දින එම ප්‍රදේශවලට පිටත් කර හරින බව එම සංවිධානයේ ව්‍යුහාත්මක පරීක්ෂණ සහ ව්‍යාපෘති කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ ධම්මිකා කහහේන්ගොඩ මහත්මිය පැවසුවා.

"දැනට අවදානම් තත්ත්වයේ පවතින ඔවර් හෙඩ් වැල්ලවත්ත හා බම්බලපිටිය පාලම් දෙක සම්බන්ධයෙන් කොළඹ නගර සභාව සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අපි දැනුම්වත් කරලා තියෙනවා. ඒ ආයතන දෙකටම අපගේ තාක්ෂණික දැනුම අවශ්‍ය නම් එය ලබා දිය හැකි බව දන්වා තිබෙනවා. නමුත් මේ දක්වා ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුනොවුණ නිසා, අද දින ඒ සඳහා අපේ ටීම් එකක් යවලා ඒ සඳහා කරන්න පුළුවන් මොකක්ද කියන එක පරීක්ෂණයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම කලින් අපි බලපු විදියට නම් මේක දැඩි අවදානම්ව තිබෙන බව තමයි අපට පෙන්නුම් කරන්නේ. එකට අවශ්‍ය කරන ටෙස්ටින් කරන්න වෙයි. අද එතනට ගිහිල්ලා මොකක්ද කරන්න ඕනේ කියලා අපි පර්යේෂණයක් කරනවා . ඒ සම්බන්ධයෙන් තාක්ෂණික වාර්තාවක් කරන්න බලාපොරොත්තු වෙනවා." 

ReeCha