අධිවේගය භාවිතා කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..

Police spokesman Sri Lanka Police Highways In Sri Lanka
By Aruna Mar 14, 2024 05:35 AM GMT
Aruna

Aruna

Report

මධ්‍යම අධිවේගී මාර්ගය අද (මාර්තු 14) සිට දින 14ක කාලයක් ප්‍රතිසංස්කරණය කෙරෙන බව පොලිසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ, අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල මාර්ගයේ කිලෝමීටර් 56.9 කණුවේ සිට කිලෝමීටර් 57.4 කණුව දක්වා ප්‍රතිසංස්කරණ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් සිදු කරන බවයි.

මධ්‍යම අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන් සඳහා විශේෂ මාර්ග සැලසුම් සකස් කර ඇති අතර මීරිගම සිට කුරුණෑගල දෙසට ගමන් ගන්නා රියදුරන්ට කිලෝමීටර් 56.2 කණුව වෙතට පෙර හදිසි පිටවීමේ දොරටුව භාවිත කරන ලෙස දන්වා ඇත.

කුරුණෑගල සිට මීරිගම දෙසට ගමන් කරන්නන්ට අධිවේගී මාර්ගයේ දකුණු මංතීරුවේ කිලෝමීටර් 57.4 කණුව පසුකර ගමන් කරන ලෙසත්, ඉන් අනතුරුව හදිසි පිටවීමේ දොරටුව භාවිත කරමින් තමන් කැමති මංතීරුවට පැමිණ කුරුණෑගලට ගමන් කරන ලෙසත් දන්වා ඇත.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන කාලසීමාව තුළ රථවාහන රියදුරන්ට එක් මංතීරුවක් පමණක් භාවිත කිරීමට කටයුතු යොදා ඇත.

මීට අදාල නිවේදනය පහතින්,

ReeCha