සියලුම රාජ්‍ය ආයතන ' ත්‍රී - ආර් සංකල්පයට' අනුගත විය යුතුයි
රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා රාජ්‍ය ආයතන තිරසාර කසළ කළමනාකරණ ක්‍රමවේදය වෙත අනුගත විය යුතු බවට රාජ්‍ය පරිපාලන , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.
අමාත්‍යංශ ලේකම්වරයා විසින් අමාත්‍යංශ ලේකම්වරුන් , පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවද සඳහන් වෙනවා.
එම චක්‍රලේකය මගින් සියලුම රාජ්‍ය ආයතන '' ත්‍රී - ආර් සංකල්පයට '' අනුගත වීම සඳහා දැනුම් දී තිබෙනවා.
රාජ්‍ය ආයතන බොහොමයක් නාගරික ප්‍රදේශ කේන්ද්‍රගතව පිහිටා ඇති අතර එම ආයතන වෙත දෛනිකව පැමිණෙන විශාල ප්‍රමාණයක් හෝ රාජ්‍ය සේවකයින් හරහා නිර්මාණය වන අපද්‍රව්‍ය පාලනයට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතය.
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාළන අමාත්‍යංශය පෙන්වා දෙන්නේ රාජකාරි කටයුතුවලදී හැකිතාක් දුරට කඩදාසි භාවිතය අවම කිරීම, පරිසර හිතකාමී විකල්ප භාවිතය මඟින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සිදු කල යුතු බවයි.
අදාළ චක්‍රලේඛය මඟින් අපද්‍රව්‍ය නිසි පරිදි එක්රැස්කිරිම සහ බැහැරකිරීම පිළිබඳව සහ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම පිළිබඳවද දැනුවත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම චක්‍රලේඛය බලාත්මක දින සිට මාස 06ක කාලසීමාවක් ඇතුළත ස්වකිය ආයතන සඳහා විධිමත් කසල කළමනාකරණ සැලැස්මක් සංවර්ධනය කර ක්‍රියාත්මක කල යුතු බවයි.
