පුටින්ගෙන් මෝදිට හදිසියේම දුරකථන ඇමතුමක්..

Vladimir Putin Narendra Modi India Russia
By krishani Aug 29, 2023 01:59 PM GMT
krishani

krishani

Report

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තමන් G20 සමුළුවට සහභාගී නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පවසා තිබෙනවා.

ඒ දුරකථන ඇමතුමක් ලබා දෙමින් ය.

G20 සමුළුව සැප්තැම්බර් 9-10 දක්වා දිල්ලි අගනුවර පැවැත්වෙයි.

මෙවර එහි සත්කාරකත්වය දරන්නේ ඉන්දියාව වන අතර තමන් වෙනුවෙන් විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමුළුවට සහභාගි වන බව රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත.

මේ අතර ඉන්දියාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රුසියානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් වන කලාපීය සහ ගෝලීය ගැටලු කිහිපයක් පිළිබඳව ද සාකච්ඡා කළ බවයි.

රුසියානු ජනාධිපතිවරයා කාර්යබහුල කාල සටහනක සිටින බැවින් සමුළුවට සහභාගී නොවන බව රුසියානු රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, G20 සමුළුවට ලෝකයේ ධනවත්ම රටවල් 19ක් සහ යුරෝපා සංගමය ද ඇතුළත් වේ.

ReeCha