ඉෂාලිනිගේ කාමරය තුළ සටහනක්.. "මගේ මරණයට හේතුව"..?
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ සේවය කරමින් සිටි දැරිය මිය යාම සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් විමර්ශන පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.
මෙම දැරිය මන්ත්‍රීවරයාගේ නිවසේ සිටින විට දී භාවිතයට ගැනුණු කාමරය පරීක්ෂා කිරීමේදී බිත්ති වල තිබි ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ අර්ථයක් ලබා දෙන ආකාරයට මගේ මරණයට හේතුව යන්නෙන් සටහන් කර තිබෙනවා.
මෙය ඇය විසින්ම බිත්තියේ සටහන් කර ඇද්දයි බැලීමට මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එම සටහන පහතින්,
මේ අතර ,රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ පාවිච්චි කළ නිල නිවසේ කාමර දෙකකට පොලිසිය විසින් මුද්‍රා තබනු ලැබුවා.
ඩයගම ප්‍රදේශයේ පදිංචි තරුණියක් අතවරයට ලක්වූ බවට සැකකරන කාමරය සහ තවත් සාක්ෂි ඇති බවට සැලකෙන කාමරයකට මෙලෙස මුද්‍රා තැබූ බවයි සඳහන් කළේ.
මෙම නිවස කොළඹ 07 මැකන්සි පාරේ පිහිටා ඇති අතර ඊට පොලිස් ආරක්ෂාව සපයා තිබෙනවා.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවස රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ. ඊයේ (02) දිනයේ පැයකට ආසන්න කාලයක් ඔවුන් එම නිවස පරීක්ෂා කළ බවවාර්තාකරු සඳහන් කළේය.
එමෙන්ම සොකෝ නිලධාරීන් ද පැමිණ අද දහවල් මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂාවට ලක්කර තිබුණි. මේ අතර ඊයේ දිනයේදීත් ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි බාලවයස්කාර දැරියක් පිලිස්සුම් තුවාල සහිතව මියයෑමේ සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයින් 40 දෙනෙකුගෙන් පමණ පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පොලීසිය පවසන්නේ මියගිය දැරියට පෙර මන්ත්‍රීවරයාගේ නිවසේ 2009 වසරේ සිට කාන්තාවන් දස දෙනෙකු සේවය කර ඇති බවය.
කෙසේවෙතත් මියගිය දැරිය ද ඇතුළුව එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තිදෙනෙකු මියගොස් ඇති බවද අනාවරණය වී තිබේ. ඒ අනුව ජීවතුන් අතර සිටින සේවිකාවන් 8 දෙනෙකුගෙන් මේ වනවිට පොලීසිය ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මේ අතර බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය දැරියට සාධාරණය ඉටුකර දෙන ලෙස ඉල්ලා දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී උද්ඝෝෂණ ව්‍යාපාර ද පැවැත්වුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
