මේ දිනවල පැතිර යන උණ නව කොවිඩ් ප්‍රභේදයක්? - වෛද්‍ය සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්. (VIDEO)
මේ දිනවල පැතිර යන උණ තත්ත්වය ගැන වෛද්‍ය සංගමය විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනවා.
ඔවුන් පවසන්නේ මේ දිනවල පැතිර යන උණ තත්ත්වය කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් විය හැකි බවයි.
එම රෝගයේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේදය ඇති විය හැකි බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, සභාපති, විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා පවසන්නේ.
"මේ රෝගයේ ස්වභාවය එහෙමයි. අලුත් ප්‍රභේද ඇති වෙනවා. ප්‍රභේද පිළිබඳව අපිට හරි අවබෝධයක් නෑ. ප්‍රභේද පිළිබඳ විශ්ලේෂණයක් කරලා ඒවා වාර්තා ලැබෙන්න කල් යනවා. ඉන්දුනීසියාව, වියට්නාමය, සිංගප්පූරුව වැනි හැම රටකම වැඩිපුර කොවිඩ් රෝගීන් වාර්තා වෙනවා. නමුත් අපි කලබල විය යුතු නෑ. විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වගේ පැතිර යන නිසා, ඒවා කොවිඩ් රෝගයෙන් වෙන්කර හඳුනාගැනීමට අමාරු නිසා කොවිඩ් කාලයේ පිළිපැදපු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ඒ විදියටම අපි පිළිපැදීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම මුව ආවරණයක් නිසි ලෙස පැලඳීම ඉතාම වැදගත් වෙනවා."
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පවතින වර්ෂාපතනය හමුවේ වෛරස් රෝග කිහිපයක් පැතිර යමින් පවතින බවයි.
මෙම වෛරස් රෝගවල රෝග ලක්ෂ එක හා සමාන බැවින් එකිනෙකට වෙන් කර හඳුනාගැනීම ද අපහසු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
මේ අතර මී උණ ව්‍යාප්තියෙහි වර්ධනයක් පෙන්වන බැවින්, ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසද වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා..
"උණ තියෙනවා නම් ඇස් රතු වෙනවා නම්, මස් පිඬුවල වේදනාව ඇති වෙනවා නම්, මුත්‍රා තද පාටට යනවා නම් මේ රෝග ලක්ෂණ කලින් හඳුනාගත්තොත් හොඳින් ප්‍රතිකාර කරලා ඒ රෝගයේ සංකූලතා ඇති වීම වළක්වා ගන්න පුළුවන්."