මෙරට පවුල් ගැන අලුත්ම කතාවක්.... දෙවියන්ගේම පිහිට තමයි...

Sri Lanka Economy of Sri Lanka Money Latest Headlines Sinhala news
By Akash May 21, 2025 02:47 PM GMT
Akash

Akash

Report

නිදහස ලැබීමෙන් පසු මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 22 ක් ණය බරින් මිරිකී ඇති බවත් වර්තමානය වනවිට මෙරට පවුල් ඒකකවලින් සියයට 54.9 ක් ණය බරින් පීඩිත වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සමීක්ෂණ වර්තාවක දැක්වේ.

ඉන් වැඩිම ප්‍රතිශතය වූ සියයට 31 ක පවුල් සංඛ්‍යාවක් දේපළ උකස් කිරීම හේතුවෙන් ණය වී ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩිකරු යළි කරලියට.... අලුත් විස්තරේ මෙන්න

ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩිකරු යළි කරලියට.... අලුත් විස්තරේ මෙන්න

එසේම තවත් පවුල් එක්ක සියයට 21.9 ක් බැංකුවලට ණය වී ඇති බවත් තවත් සියයට 9.7 ක් මුදල් පොලියට ගැනීම හේතුවෙන් ණය බරින් මිරිකී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

නිදහස ලැබීමෙන් පසු මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකික පවුල් ඒකකවලින් සියයට 60.5 ක අදායම අඩුවී ඇති බවත් ආදායම වැඩි වී ඇත්තේ මෙරට පවුල්වලින් සියයට 3.4 කගේ පමණක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සමීක්ෂණ වර්තාවක දැක්වේ.

රෝගකාරී tomato නම් වෛරසයක්... පැතිරීම සීග්‍රයෙන්... පරිස්සමින්

රෝගකාරී tomato නම් වෛරසයක්... පැතිරීම සීග්‍රයෙන්... පරිස්සමින්

ආර්ථික අර්බුදය හමුවේ ආදායම නොවෙනස්ව ලැබී ඇත්තේ ශ්‍රී ලාංකික පවුල් සියයට 36.6 කට පමණක් බවද එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ශ්‍රී ලාංකික පවුල්වලින් සියයට 91.1 ක සමස්ත සාමන්‍ය මාසික වියදම ඉහළ ගොස් ඇති බවත් මාසික වියදම අඩුවී ඇත්තේ පවුල්වලින් සියයට 3.6 ක පමණක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි

ReeCha