නිරෝධායන සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවල නව සංශෝධනයක් නිකුත් කෙරේ.. අලුත් සංශෝධනය මෙන්න.

Corona Airport Sri Lanka New healthy guideline
By Aruna Sep 29, 2021 05:51 AM GMT
Aruna

Aruna

Report

මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මඟින් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කෙරුණි.

ඒ අනුව මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්, නාවිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව මාර්ගෝපදේශයෙහි දැක්වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඒ අනුව ඕනෑම ගුවන් මගියෙකු පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ඉක්ම ගොස් ඇත්නම් සහ ඔහු පැමිණෙන රටේ පැය 72කට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙක් නොවන්නේ නම් මෙරට දී යළි පීසීආර් පරීක්ෂණයකට භාජනය වීම අනවශ්‍ය බවය.

එම ක්‍රමවේදය කටුනායක හා මත්තල යන ගුවන්තොටුපොළ දෙක සඳහා ම ඊයේ (28) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව පූර්ණ එන්නත්කරණය නොවූ විදේශීකයින්ට, විදෙස් සංචාරකයින්ට ජෛව බුබුලක් ලෙස සිය හෝටලය වෙත යෑමට අවස්ථාව ලබාදෙන බවත් එහිදී පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කර ඇත.

එහෙත් ලාංකීකයන්ට ගුවන්තොටුපොළේ දී හෝ රැඳී සිටින හෝටලයේ දී පීසීආර් පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මඟින් ආසාදිතයෙක් නොවන්නේ නම් ඔවුන් නිවෙස් කරා යොමු කළ හැකිය.

එහිදී 12 වන දිනයේ දී නැවත වරක් සිදුකරන පීසීආර් පරීක්ෂණයකින් ද ආසාදිත නොවන්නේ නම් ඔවුන්ට සමාජගත වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සඳහන් කර තිබේ. නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා ලද හෝටලයක දී දින 14ක් නිරෝධායනය වී ඔවුන්ට සමාජගත විය හැකිය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery