සූර්ය බලශක්තිය සඳහා නව මිල සූත්‍රයක්.

Sri Lanka Government Of Sri Lanka Kanchana Wijesekera
By Wayomi May 03, 2023 05:06 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය වසරේ එම ක්ෂේත්‍රයට හඳුන්වා දුන් ගාස්තු සංශෝධනය අහෝසි කරමින් සූර්ය බලශක්තිය සඳහා නව මිල සූත්‍රයක් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සූදානම් වන බව වාර්තා වෙනවා.

ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිත බව විශ්වාස ආරංචි මාර්ග පවසන්නේ.

පසුගිය වසරේ හඳුන්වා දුන් නව ගාස්තු සංශෝධනයෙන් පසු දේශීය සූර්ය බලශක්ති සංවර්ධකයින් ඉදිරිපත් කළ දුක්ගැනවිලි සැලකිල්ලට ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා කියා සිටියේ, මේ වන විටත් තීරණය ගෙන ඇති බවත්, මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබෙන තෙක් බලා සිටින බවත්ය.

ඔහු පවසන පරිදි, සූර්ය මිල ගණන් සලකා බැලීමේදී, විනිමය අනුපාත සහ අනෙකුත් අදාළ මිල ගණන් ද සූත්‍රය අනුව සලකා බලනු ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW