වාහනවල දුම් පරීක්ෂාව සඳහා නව ක්‍රමවේදයක්..

Sri Lanka Dilum amunugama Vehicle smoke testing
By Aruna Nov 08, 2021 05:15 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශයක් වාහනවල දුම් පරීක්ෂාව සඳහා නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මඩකලපුව – එරාවුර් ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්.

මේ අතර  පොතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන කටයුතු සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් එම නිෂ්පාදන කර්මාන්තශාලා 150ක් පමණ වැසී ගොස් ඇතැයි පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීයකරන්නන්ගේ සංගමය පවසයි.

මෙරට පවතින ඩොලර් හිඟය හේතුවෙන් ප්ලාස්ටික්, පොලිතින් නිෂ්පාදන කටයුතු සඳහා යොදාගන්නා පොලිතින් ඇට කිලෝවක් රුපියල් 500ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා ප්ලාස්ටික් භාණ්ඩ සහ පොලිතින් බෑග්වල මිල සියයට 50කින් ඉහළ ගොස් ඇති බවත් පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීයකරන්නන්ගේ සංගමයේ ලේකම් අනුර හේරත් මහතා කියා සිටියා.

රුපියල් 60කට අලෙවි කරන පොලිතින් බෑගය රුපියල් 170ක් දක්වා වැඩිවී ඇතැයිද ඔහු පැවසුවේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha