ඉන්දියාවෙන් ලංකාවට නව පෙට්‍රල් තොගයක්...
By Parami Dissanayake
ඉතිහාසයේ පළමු වරට Indian Oil සමාගම ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති අතර , පසුගිය මැයි 18 වනදා මුම්බායේ Jawaharlal Nehru Port Trust (JNPT) වෙතින් මෙම ඉන්ධන තොගය ශ්‍රී ලංකාවට නැව්ගත කර ඇති බව වාර්තා වේ.
“අපගේ තවත් නවතම නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත යැවීමට හැකිවීම ඉතා වැදගත් අවස්ථාවක් සනිටුහන් කරනු ලබනවා“ යනුවෙන් මෙම සමාරම්භක නැව්ගත කිරීම අමතමින්, ඉන්දියන් ඔයිල් හි අධ්‍යක්ෂ (අලෙවිකරණ) වී. සතිෂ් කුමාර් මහතා පැවසුවේ ය.
XP100 ලෙසින් නම්කර ඇති මෙම පෙට්‍රල් වර්ගය ඉන්දියාව විසින් දේශීය සංවර්ධනය කරන ලද්දක් වන අතර ,එය උසස් ගණයේ වාහන සඳහා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු එන්ජිමේ ක්‍රියාකාරිත්වය, වේගවත් ත්වරණය, සුමට රිය පැදවීමේ හැකියාව සහ වැඩිදියුණු කළ ඉන්ධන පිරිමැස්ම සඳහා නිර්මාණය කර ඇත