ඉහළ කොත්මලේ ජලාශයේ තිබී මළ සිරුරක් හමු වේ...

By Parami Dissanayake May 20, 2024 11:43 AM GMT
Report

තලවකැලේ, ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබිය දී පාසල් සිසුවියකගේ මළ සිරුරක් සොයා ගත්බව තලවකැලේ පොලීසිය පවසනවා.

ඒ, තලවකැ‌ලේ, රත්නිල්ලකැලේ පදිංචිව සිටි පෙරියසාමි දිලුක්ෂිණා නැමැති 18 හැවිරිදි පාසල් සිසුවියකි. උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා නිවසේ සිට මෙම සිසුවිය පාඩම් කටයුතුවල නිරතව සිට ඇති බවත්, ඉකුත් (18) දින රාත්‍රීයේදීත් නිවසේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිට ඇති බවට පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඩොලරයට අනුව අද ශ්‍රී ලංකාවේ රුපියල් වල සිදු වූ වෙනස. - නව මිල පරාසයන් මෙන්න.

ඩොලරයට අනුව අද ශ්‍රී ලංකාවේ රුපියල් වල සිදු වූ වෙනස. - නව මිල පරාසයන් මෙන්න.

නිවසේ පාඩම් කරමින් සිටි දියණිය උදෑසන බලන විට නිවසේ නොසිටි බවට ඇයගේ පියා විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබු බවද පොලීසිය සඳහන් කරනවා.