නාවික සෙබළෙක් අවාසනාවන්ත ලෙස මියයයි..

Galle Sri Lanka Navy Accident Death
By Aruna Aug 16, 2023 02:53 AM GMT
Aruna

Aruna

Report

පුහුණු රාජකාරියක් අතරතුර දියේ ගිලී නාවික හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (15) උදෑසන හික්කඩුව පොලිස් වසමේ පන්නම්ගොඩ ප්‍රදේශයේ මුහුදු තීරයේ දී එම අනතුර සිදුව ඇති බවයි.

පුහුණු රාජකාරියේ යෙදී සිටි නාවික සෙබළුන් කිහිපදෙනක් අතරින් එක් සෙබළෙක් දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33ක් වන කටුවන, දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන්, හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ReeCha