කලා වැව ජාතික උද්‍යානයෙන් අභිරහස් මළ සිරුරක්...

By Parami Dissanayake Jul 06, 2024 04:09 PM GMT
Report

අද(06) ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් කලාවැව ජාතික උද්‍යානය තුළ ඇති ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මිය ගිය පිරිමි පුද්ගලයකුගේ නරක් වූ මළ සිරුරක් සොයා ගනු ලැබීය.

ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව සිදුකළ සෝදිසියකදී එම මළ සිරුර සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබිණි.

කලාවැව ජාතික උද්‍යානයට අයත් බලලුවැව ඉස්මත්තේ ගල්ගොඩවල ප්‍රදේශයේ ඇල මාර්ගයක පාවෙමින් තිබීය දී එම මළ සිරුර සොයා ගෙන තිබු අතර එම මළ සිරුරෙහි අත් දෙක හා එක් පාදයක කොටසක් දක්නට නොමැති අතර ඒවා කඹරයන් විසින් කා දමා ඇති බවට පොලිසිය අනුමාන කරයි.

මිය ගිය පුද්ගලයා පිළිබඳව කිසිදු අනන්‍යතාවයක් මෙතෙක් හෙළීව නොමැත.

ඉන්දියාව පරදා සිම්බාබ්වේ පිළට ජය...

ඉන්දියාව පරදා සිම්බාබ්වේ පිළට ජය...

එමෙන් ම, එය ස්වභාවික මරණයක් ද නැති නම් ඝාතනයක් ද යන්න ද මෙතෙක් නිශ්චිතව අණාවරණය කරගෙන නැත.

එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය මගින් අද (06) පස්වරුවේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත් වූ අතර, එහිදී කැකිරාව මහේස්ත්‍රාත් ඩී.පී.එස්.එම්. කරුණාරත්න මහත්මිය ඉදිරියේ මළ සිරුර ඇලෙන් ගොඩ ගනු ලැබිණ.

අද (06) පස්වරුවේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ කැකිරාව මහේස්ත්‍රාත්වරිය එහිදී පොලිසියට ලබා දුන් නියෝගයකට අනුව එම මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට ගල්කිරියාගම පොලිසියේ නිලධාරීන් කටයුතු කරනු ලැබීය.

කතරගම බැතිමතුන්ට විශේෂ නිවේදනයක්...

කතරගම බැතිමතුන්ට විශේෂ නිවේදනයක්...

කොට්ඨාස භාර පොලිස් අධීකාරී තිළීන හේවාපතිරණ මහතා ඇතුළු අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.

ගල්කිරියාගම පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාගේ උපදෙස් අනුව අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක දේශප්‍රිය නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් යුත් නිලධාරීන් කන්ඩායමක් එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වූ එම වැඩිදුර විමර්ශණ මෙහෙයවනු ලබයි.