වසර 33කට පෙර කළ ඝාතනයක් එළියට එයි - පුතා පොලිසියට කළ පැමිණිල්ල අනුව පොලිසිය වහාම ක්‍රියාත්මක වෙයි..

Sri Lanka Police Sri Lanka Crime
By krishani May 15, 2023 06:33 AM GMT
krishani

krishani

Report

සිය මව සහ මවගේ අනියම් සැමියා එක්ව තම පියා ඝාතනය කර ඇති බව පවසමින් පුතෙකු විසින් ඌරුබොක්ක පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ වසර 33කට පෙර කළ ඝාතනයක් සම්බන්ධයෙන් ය.

ආබාධිත තත්ත්වයෙන් සිටින මව විසින් මෙම ඝාතනය තමන් කළ බවට ඇයගේම නැගනියට පවසා එම ඝාතනය පාපොච්චාරණය කර ඇත.

අනතුරුව සිය පියා ඝාතනය කර දමා ඇති බව කියන වැසිකිලි වල පොලිස් නිලධාරීන්ට පෙන්වා දී තිබෙනවා.

මේ අතර අද (15) මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ එම මෘත ශරීරය ගොඩගැනීමට නියමිත බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join