උපන් විගස තම බිලිදා වල දැමූ මවක්

Police
By Thaya Mar 20, 2021 12:04 PM GMT
Report

කාන්තාවක් විසින් උපන් විගස බිළිඳු කළලයක් වල දැමීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ වව්නියාව පම්පෙමඩුව ප්‍රදේශයේදී

ග්‍රාම නිලධාරීවරයා වෙත ලැබුනු පැමිණිල්ලක් අනුව අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පුවරාසකුලම් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් විසින් සිය බිළිඳා වල දමා ඇති බවට ප්‍රදේශවාසීන් ග්‍රාම නිලධාරීවරයා වෙත තොරතුරක් ලබාදී තිබේ. සැකකාර කාන්තාව සැමියාගෙන් වෙන්වී සිටින අතර අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් දරුවා පිළිසිඳගෙන ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. අනතුරුව මෙම කාන්තාව පසුගිය 14 වනදා හෝ ඊට ආසන්න දිනයකදී බිළිඳෙකු ප්‍රසූත කර ඇති අතර උපන් විගස කලලය වල දමා ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.කලලය වල දැමූ ස්ථානය සම්බන්ධයෙන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග ්‍යටතේ කැණීම් සිදු කිරීමට නියමිතයි. පුවරාසකුලම් පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරනවා.

මෙම සිදුවීමට පාදක වූ කාන්තාව වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය සඳහන් කළේ.