කොටි මවක් සිය පැටවා ප්‍රතික්ෂේප කරයි.. හේතුව වෛද්‍යවරුන් කියයි..
Sri Lanka
By krishani
ජීවි නිලධාරීන් පිරිසක් විසින් තලවකැලේ ප්‍රදේශයේ තේ වත්තක අතරමං වී සිටි කොටි පැටවෙකු ප්‍රතිකාර සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කර තිබෙනවා.
එලෙස අතරමං වූ කොටි පැටවා තලව කැලේ තේ වත්තක වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට හමු වී ඇත්තේ.
ඔවුන් විසින් එම කොටි පැවටාව කොටි මවට බාර දීමට කිහිප විටක දී උත්සහ කළ ද කොටි පැටවා අසළට පැමිණි මව සිය කොටි පැටවා ගෙන යෑම ප්‍රතික්ෂේප කර ඇත.
මේ අතර, කිසිදු ආහාරයක් නොලැබූ කොටි පැටවා රෝගී තත්ත්වයෙන් පසු වීම හේතුවෙන් රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට ඇතුළත් කළ තිබෙනවා.
වෛද්‍යවරුන් පවසා සිටින්නේ, මෙම කොටි පැටවාව මිනිසුන් විසින් ඉස්පර්ශ කර ඇති බවට ඉව ඇති හේතුවෙන් කොටි මව මෙලෙස තම කොටි පැටවා ප්‍රතික්ෂේප කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |