අම්මෙක්ට මෙහෙමත් කරන්න පුළුවන්ද..? බිරිදක් සැමියාටත් හොරෙන් කරලා තියෙන අහස පොළව නුහුළන අපරාධය..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Murder
By Sewvandhi Dec 10, 2024 05:49 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඊයේ (10) නියෝග කොට ඇත්තේ, සිය සැමියාට නොදන්වා සති 4 ට වැඩි නොමේරූ ළදරු කළලයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කොළඹ පෞද්ගලික රෝහලක් තුළදී විනාශ කරවාගත් බව කියන සැකකාර බිරිඳ ඇතුළු සියලු සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

කොළඹ 14 මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු දෙමටගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය එම නියෝගය නිකුත් කළේ.

නීතිඥවරයා අධිකරණයට දැන්වා ඇත්තේ, සැකකාර පුද්ගලයා වෙනුවෙන් නීතිඥ නාලක ජයසිංහ අධිකරණය හමුවේ පෙනී සිටිමින් කියා සිටියේ සැකකාර කාන්තාව පැමිණිලිකරු හා විවාහවීමට පෙර විවාහයක් කරගෙන ඇති බවත් එම විවාහයෙන් ඇයට දරුවෙක්ද සිට ඇති බවයි.

එම කාලය අතරතුර සැකකාර කාන්තාව ගැබ් ගෙන ඇති නමුත් පැමිණිලිකාර සැමියා ඒ බවක් නොදැන සිට ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු වලින් හෙළි වනවා. ගැබ් ගෙන ඇති කාලය තුළ ඇය සිය සැමියා සමග නිරන්තරයෙන් ගැටුම් ඇති කරගෙන තිබෙන බව පැවසෙනවා.

සේවකයින්ගේ බෝනස් ගැන ඇසෙන අලුත්ම ආරංචිය...

සේවකයින්ගේ බෝනස් ගැන ඇසෙන අලුත්ම ආරංචිය...

පැමිණිලිකාර සැමියා නිවසින් එළවා දමා සිය නොමේරූ ළදරු කළලය ගබ්සා කර ගැනීමේ අරමුණින් ඇය එම ගැටුම් ඇති කරගෙන ඇති බවයි පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් පොලිසිය වෙත දන්වා ඇත්තේ.

සැකකාර කාන්තාව පැමිණිලිකාර සැමියාට නොදන්වා සති 7යි දින 4ක නොමේරූ ළදරු කළලය විනාශ කරගෙන ඇති බවට පැමිණලිකාර සැමියාට කිසිවෙකුගෙන් දැනගැනීමට ලැබී තිබෙනවා. අනතුරුවයි ඔහු ඒ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ.

නොමේරූ ළදරු කළලයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් විනාශ කර ගැනීම මිනී මැරුම් චෝදනාවට ගැනෙන ක්‍රියාවක් බැවින් එම සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව හා එම ළදරු කළලය විනාශ කළ වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද නීතිඥවරයා සිය කරුණු දක්වමින් අධිකරණය හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

එම ගබ්සා කර ගැනීම ඉකුත් 12 වැනි දින කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තුළදී සිදුව ඇති බවත් සිද්ධියෙන් පසුව පැමිණිලිකාර සැමියා ඔවුන් පදිංචිව සිටි නාරාහේන්පිට නිවසෙන් ඉවත්ව කොළඹ මාදම්පිටිය ප්‍රදේශයේ නිවසක ජීවත්ව සිටින බවයි නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ.

දෙමටගොඩ පොලිසිය හා සැකකාර පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කළේ.

කාන්තාවන්ගේ සිහින බොඳ කරමින් රන් මිලට සිදු වූ දේ..

කාන්තාවන්ගේ සිහින බොඳ කරමින් රන් මිලට සිදු වූ දේ..

…………………………………………………………………………

You may like this video 👇



ReeCha