තමන්ගේම 5 හැවිරිදි දියණියගේ කට පුළුස්සා දැමූ මවක්..මෙරටින් ඇසෙන ඛේදනීය පුවතක්..

mother Vinayagar Kilinochchiya Kudu Irippu burn mouth
By Sewvandhi Oct 12, 2021 09:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මවක විසින් සිය පස් හැවිරිදි දියණියගේ කට දෙපස පුළුස්සා දැමූ අනුවේදනීය පුවතක් කිලිනොච්චිය, අක්කරායන්කුලම, විනායගර් කුඩිඉරිප්පු ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

අක්කරායන්කුලම් පොලිසිය පැවසූවේ, දැරියගේ පියා නිවසේ නොසිටි අවස්ථාවක අදාළ මව දිය දරුවාගේ කට දෙපස රත්වු හැන්දකින් පුළුස්සා දමා ඇති බවය.

දැරියගේ මව ආහාර සකස් කරමින් සිටින අවස්ථාවක දැරිය විසින් කරන ලද ක්‍රියාවකට උරණ වු දැරියගේ මව දැරියගේ කට දෙපස පුළුස්සා දමා ඇති බව පොලිසිය පැවසීය.

මේ සම්බන්ධයෙන් දැරියගේ මව අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ මව ඔක්තෝබර් 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බව ද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ, තුවාල ලත් දැරිය ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහල වෙත යොමු කළ ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් අක්කරායන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now