කිරි එලදෙනකගේ කකුල් වෙන් වෙන්නම කපා ගිය පාපතරයා

Sri Lanka Police Jaffna Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 14, 2022 10:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමට අයත් මූලායි මුන්කොඩෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් කිරි එලදෙනකගේ පාදයක් වෙන්වන සේ කිසියම් පුද්ගලයෙකු විසින් කපා දමා ඇතැයි ඊයේ (13) දින පැමිණිළි ලැබී ඇතැයි පොලීසිය පවසයි.

මුන්කොඩෙයි ප්‍රදේශයේ පිහිටි තණකොළ පිට්ටනියක තණකොළ කෑම සඳහා එළදෙනගේ හිමිකරු විසින් පිට්ටනියට මුදාහැර ඇති අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කොට ඇති අතර කිසියම් තියුණු ආයුධයකින් පාදවලට පහරදීමෙන් එක් කකුලක් වෙන්ව කැපී අනෙක් පාදයට බරපතල තුවාල සිදුව ඇතැයිද වාර්ථා වෙයි.

ගවයාට පහරදීමෙන් පසුව ගවයා බිම වැටී සිටිනු දැක ගවහිමියා විසින් ගවයා ගෙවත්තට රැගෙන ගොස් ආහාරපානාදිය ලබාදුන්නද කිරි එලදෙන ආහාර නොගැනීම හේතුවෙන් මරනාසන්නව සිටින බවටද ගවහිමියා විසින් පොලීසියට පැමිණිලි කොට ඇත. අනතුරුව අදාල ගවයා පරික්ෂා කිරීම සඳහා පොලීසිය සහ පශුවෛද්‍යවරයෙකු ඇතුලු පිරිසක් ගොස් ගවයාට ප්‍රතිකාර කිරීමට පියවර ගත් අතර අදාල ප්‍රහාරය එල්ල කල පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද වඩුක්කොඩ්ඩෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now