රනිල් සහ බැසිල් අතර හමුවක් - මහින්දත් එක්වෙයි.

Report

ඊයේ (7) රාත්‍රීයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර හමුවක් කොළඹ ජනාධිපති නිවසේදී සිදු වූ බව වාර්තා වෙනවා.

බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එම හමුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගී වී ඇති බව සඳහන්.

මෙහිදී අනාගත දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවී ඇති අතර තවත් ඉදිරි සාකච්ඡාවක් සඳහා ද දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

_ dailymirror _



..............................................................................