දැඩි කොන්දේසි මත මෙරට විවාහ ක්‍රමයක් වෙනස් කෙරේ!!.එකක් මදිවට ඕන තරම්.

Sri Lanka Wedding Muslim A marriage system is changed
By Aruna Feb 21, 2022 06:13 AM GMT
Aruna

Aruna

Report

මෙරට විවාහ පනතකට සංශෝධන දැඩි කොන්දේසි මත මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම ඇතුළු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඇතුළත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

ව්‍යවස්ථා සම්පාදන පිළිබඳ ඇමැති මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ මත අධිකරණ අමාත්‍යාංශය 2021 මාර්තු මස අටවැනි දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවට අනුව මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ තහනම් කිරීමට හා නව නීති හඳුන්වා දීමටත්, කාති උසාවි අහෝසි කිරීමටත් තීරණය කර තිබිණි.

එහෙත් එම තීරණයට මුස්ලිම් ප්‍රජාවගේ වි රෝධයක් මතුව ඇති බව අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මුස්ලිම් ප්‍රජාවගේ බහු විවාහ නීති දිසා අධිකරණ වෙත යොමු කිරීම නීති ප්‍රමාදයට තවත් හේතුවක් වන බැවින් කාති අධිකරණවල දී නීතිය ක්‍රියාත්මක කිරීම සුදුසු බව අධිකරණ අමාත්‍යාංශයේ අදහසයි.

එලෙස විසඳීමට නොහැකි ගැටලු පමණක් දිසා අධිකරණයට යොමු කළ යුතු බවද අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now