මෙරට බැංකුවක් ඉදිරියේ පුද්ගලයෙක් ගිනි තබා ගනි..

police colombo bank Kurudhuvaththa himself on fire
By Sewvandhi Sep 08, 2021 11:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ කුරුඳුවත්ත ප‍්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසලදී ඊයේ (7 දා) සවස පුද්ගලයකු සිය සිරුරට ගිනි තබාගෙන ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි. මෙම පුද්ගලයා ප‍්‍රදේශවාසීන් විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇත.

මෙලෙස ගිනි තබාගත් පුද්ගලයාගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට කටයුතු කරන බවත් රෝහල්ගත කළ එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බවත් කුඳුරුවත්ත පොලිසියේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම පුද්ගලයා කුමන හේතුවකට සිය ශරීරයට ගිනි තබා ගත්තේ දැයි මෙතෙක් හෙළිව නොමැති අතර ඔහු මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයකු විය හැකි යැයි පොලිසිය සැක පහළ කරයි. සි

ද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

------------------------------------------------------------------

හදිසි නීතිය පිළිබඳ විපක්ෂ නායකවරයා සිදුකළ භයානක හෙලිදරව්ව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha